අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිණි මාතාවන් 2589ක් නිරාහාරව සිටින බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අංශ සිදු කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර මිහින්තලය ග්‍රාම සේවා තුලාන 25ක වෙසෙන ගැබිණි මාතාවන්, කිරි දෙන මව්වරුන් විශාල පිරිසකට මාස 3කට සෑහෙන පෝෂදායි ආහාර මල්ලක් සහ පෝෂදායි දිවා ආහාරයක් ලබා දීමේ වැඩ සටහනක් පෙරේදා (8දා) මිහින්තලේ රජ මහ විහාරාධිපති පුජ වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ගේ මූලිකත්වයෙන් මිහින්තලේ ශ්‍රී රතන රතනසාර දහම් පාසලේ දී සිදු කෙරිණි.
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් ප්‍රචාරය වූ එම පුවත අසා දැඩි සංවේගයට පත්ව වහා ක්‍රියාත්මක වී ඒ පිළිබඳව දෙස් විදෙස් දානපතියන් කිහිප දෙනෙකු දැනුවත් කර සතියකටත් යාමට මත්තෙන් මෙම වැඩ සටහන සංවිධානය කිරීමට හැකිවීම මෙම මව්වරුන්ගේ සහ කුස තුළ සිටින දරුවන්ගේ වාසනාවක් බව උන්වහන්සේ මෙහිදී පැවැසූහ.
මේ සඳහා තායිලන්තයේ වැඩ වසන චූලාලංකාර විශ්ව විද්‍යාලයේ මහා චාර්ය පූජ්‍ය වල්වෝරුවේ පියරතන හිමිපාණන් සහල් තොගය පරිත්‍යාග කර තිබූ අතර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචිව සිටින වෛද්‍ය වෝල්ටර් විජේසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන අයීෂා විජේතුංග මැතිණිය වියලි ආහාර තොගය ලබාදී තිබුණි. මෙම දෙපල සම්බන්ධීකරණය ශ්‍රී ලංකාවේ වෙසෙන අචලා වීරසිංහ මහත්මිය විසින් සිදු කර තිබුණි.
මේ වැඩසටහන සඳහා ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මියද මූල්‍ය පරිත්‍යාගයක් සහ ශ්‍රම දායකත්වයක්ද ලබා දී තිබුණි.

Kumar
03 years 02 months 04 days 18 minutes 13 seconds agomay swaminwahasetanam pin aithiwenawa. kusginna niwaganna may arkarayen pihitawena monathara pinakda. Samahara cheewardharinta awashayawela thibenney V8 wahanayak ganna pamanyi.
Reply