ගංජා භාවිතා කොට ඇතැයි කියන අම්බලන්ගොඩ හා අහුන්ගල්ල යන පොලිස් ස්ථාන දෙකේ පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනෙකුගේ සේවය ඊයේ (3) සිට අත්හිටවූ බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

අම්බලන්ගොඩ පොලීසියේ කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ හා අහුන්ගල්ල පොලීසියේ කොස්තාපල්වරයකුගේ සේවය මෙසේ අත්හිටවා ඇත.

මේ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනා සම්බන්ධයෙන් ඇල්පිටිය අධිකරණ වෛද්‍යවරයා විසින් පැවැත්වූ පරීක්ෂණයකින් පසු ඔවුන් සිව්දෙනාම ගංජා භාවිතා කොට ඇති බවට  සනාථ වීමත් සමගම මේ පියවරගත් බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 

 

0 comments

Leave a Reply

Post Comment