ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙහිදී එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් පැහැදිලි කර තිබේ.
- දිනකට ජලය ලීටර් දෙකක් පානය කිරිම.
- ප්‍රධාන ආහාර වේල් තුන නියමිත පරිදි ලබා ගැනිම.
- විටමින් සී බහුල දෑ ආහාරයට ගැනීම (පේර, නෙල්ලි, ජම්බෝල, කැරට් කොල, මුරුංගා කොළ, ගස්ලබු, දොඩම්)
- සින්ක් බහුල දෑ ආහාරයට ගැනිම. (කූනිස්සන්, බිත්තර)
- ස්නැක් වර්ග, පැණිරස බීම හා බදින ලද ආහාර වර්ග ආහාරයට නොගැනීම.
- ඇල්කොහෝල් හා දුම්වැට් භාවිතයෙන් වැළකීම.
- අහාර ගැනීමට හෝ ආහාර සැකසීමට පෙර තත්ත්පර විස්සක් අත සේදීම.
- හැකි තරම් නිවසෙ පිසිල ලද අහාර භාවිතයට ගැනීම.
- පැය 6-8 ක පමණ ප්‍රමාණවත නින්දක් ලබාගැනීම.
Kumar
06 years 06 months 06 days 17 hours 28 minutes 47 seconds agoඒ ලංකාවේ ක්‍රමය. ඇමෙරිකාවේ කියන්නෙ විටමින් සි, සින්ක් වනිදෙවල් ගත්තටක් වැඩක් නැතිවගයි. සෑම විටම එකිනෙකට කිට්ටුවෙන් ඉන්න එපා කියලයි කියන්නෙ. අතට අත දීම, සිපගැනීම් වගේ දෙයින් වැලකීම, වයස 65 ට වැඩියෙන් බලපාන නිසා මජනයා ගැවසෙන ස්ථානවලට නොයාම, තමන්ගේ දෑත් පිරිසින්දුව තබාගැනීම වැනිදේ පිහිට වෙනවා. මේ රෝගය සැදුනවිට හුස්ම ගැනීමේ අපහසු වෙනවා. ඒ අවස්ථාවේ යන්ත්‍රයක සහය පතන්න වෙනවා. ලංකාවේ රජයේ රෝහල් වලට යන වැඩිහිටි අයට ඒ පිහිට ලැබෙන එකක් නැහැනේද.
Reply