බිබිල , දිග්ගොම්මන, නාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, කසිප්පු පෙරමින් සිටි පාසැල් දරුවන් දෙදනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ ( 03 ) අත්අඩංගුවට ගත්බව බිබිල පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරකට අනුව, බිබිල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සජිත් මහතා ඇතුලු නිළධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරුවන් බිබිල නාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙි. එම සැකකරුවන්ගෙන් දෙදනෙකු වයස අවුරැදු දාහතක් වන පාසැල් යන දරුවන් දෙදනෙකු වන අතර, අනෙක් පුද්ගලයා වයස අවුරුදු විසිපහක් වන අයෙකු බව පොලිසිය පවසයි.

කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට පත් සිසුන් දෙදනා, ප්‍රදේශයේ ප්‍රධාන පාසැල ඉගෙනුම ලබන, මෙවර අධ්‍යාපන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිටි දරුවන් දෙපලක් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් තිදෙනා, අත්අඩංගුවට ගත් මත්පැන් පෙරීමේ උපකරණ සමග අද ( 04 ) බිබිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුනි.

මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, බිබිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.පී.සී.එස්.කේ සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකෙරේ.

මොණරාගල නයනජීව බණ්ඩාර

0 comments

Leave a Reply

Post Comment