කණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත   සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන  වන අලියා සුව කර ගැනීම සඳහා වනජීවී පශු  වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් සිටියි.

ගීරිතලේ වනජීවී කාර්යාලයේ  පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවීන් නිලධාරීන් කණ්ඩායම පසුගිය තුන්වැනි දා සිදුකරන ලද ප්‍රතිකාර  සමග වන අලියා කණ්ඩලම වැව් දියෙන්   ගොඩට ගැනීම සඳහා ඔවුහු දැඩි වෙහෙසක් සහ උපක්‍රමශීලීව පියවර ගැනීම විශේෂත්වයකි.

 ඒ අනුව පශු  වෛද්‍ය කණ්ඩායම සහ වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක් දරමින් ජලයේ සිටි වන අලියා සිටුවා කොස් කැබලි පෝලිමට තබා ජලයෙන්  ගොඩට ගෙන  ප්‍රතිකාර කිරීම් සිදු කරන්නට වූහ.

වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම කණ්ඩලමේ හැඩකාරයා නැමැති වන අලියාට දිගින් දිගටම ප්‍රතිකාර  කළ ද ඔහුගේ පාදවලට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවය.

ඉදිරි පාද දෙකේම මේ වන විට තුවාල සිදුවී තිබෙන බවත් සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල දැක ගැනීමට කි වී තිබේ  එම තුවාලවලට වෙනමම ප්‍රතිකාර කටයුතු සිදුකළ බවද වෛද්‍යවරුන් සඳහන් කරන්නට විය.

ඉදිරියේ දී මෙම වන අලියාට  දීගින් දිගටම ප්‍රතිකාර කටයුතු  සිදුකිරීම අවශ්‍ය කරුණක් බවත් කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යම් මට්ටමකින් හොඳ අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙති.

0 comments

Leave a Reply

Post Comment