"ලංකාවේ කංසා වගා කරලා අර ලූණූ ගොවිතැන් කරනවා වගේ, මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විධිමත් බවක් ඇති කරලා, නීත්‍යාණූකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුලුවන් කියන එක මා විශ්වාස කරනවා. කැමති කෙනෙක් මේවා පාවිච්චි කරයි. දැනටත් පාවිච්චි කරනවානේ, දැන් සිගරට් මේ රටේ අලෙවිකරනවානේ, අපිට ඒක නතර කරන්න බෑ .කැමති කෙනෙක් බොයි, අකමැති කෙනෙක් නිකං ඉඳියි.ඕක ප්‍රශ්නයක් නෑනේ" යැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.
ජාතික නාමල් උයන පරිශ්‍රෙය් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.
"ඇත්තටම ගංජා මේ රටේ වවලා පිටරටට අලෙවි කිරීම, තුළින් විශාල මුදලක් ලබා ගෙන ආර්ථික වශයෙන් හයියක් ලබා ගන්න පුලුවන්. මම මේ ගැන එදත් කථා කලා. ඕකට ප්‍රධාන වශයෙන්ම ඩයනා ගමගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යයතුමිය තමයි හඩක් නැඟුවේ පාර්ලිමේන්තුවේ හා නමුත් එතුමියට විවිධ අවලාද විවිධ දේවල් කියන්න ගත්තා.
ඒ වෙලාවේ මමත් කථා කළා. මේ ගංජා කියලා කියන්නේ මේ රටට ආර්ථික උත්පාදනයක් කර ගන්න පුලුවන් හොඳ ප්‍රභල ආයුරුවේද ශාකයක්. අපේ රටේ භූමිය හොඳයි. සුද්දා මේ රටින් යන කොට ගංජා මේ රටේ තහනම් කරලා ගියේ ,මේක වවන්න එපා මේක නීතී විරෝධී ක්‍රියාවක් හැටියට ගියේ. සුද්දා දැන ගත්තා මේ ලංකාවේ තියෙන ගංජා තමයි ලෝකයේ ඉතා හොඳම, ප්‍රභලම ඖෂධය කියලා.
මේක වවලා පිටරටට අලෙවිකරන්න පටන් ගත්තොත් එහෙම අපිට සුද්දන්ගේ වහල්ලු බවට පත් වෙලා ඉන්න වෙන්නේ නෑ, අපි සිංහයෝ වගේ නැගිටිනවා. මේ රටේ මිනිස්සු හා රට නැගිටිනවා. ඒකත් එක්ක තමයි මේක එපා කියලා තියෙන්නේ. මේ වෙන කොට කේරළ ගංජා කියයි විවිධ ගංජා වර්ග ලංකාවට ගෙනල්ලා ඔය ඕන තරම් අල්ලනවා.
වර්තමාන ආණ්ඩුව ගංජා වවලා විදේශීය ආයෝජකයෝ 07 දෙනෙකුට පමණ ලබා දෙනවා කියලා මම දැක්කා සමාජ මාධ්‍යවල. මේකට අවසර දෙනවා කියලා. ඒකට හොඳ නියාමනයක් කරලා, හොඳ ආරක්ෂාවක් දාලා, විධිමත් ලෙස මේක කරලා, අලෙවි කරලා මේ ණය බරෙන් මිරිකිලා ඉන්න රට ගොඩගන්න මේක ආයෝජනයක් කර ගන්න පුලුවන්.
මේකේදී අපේ ආගමික නායකයෝ, ගරුතර මහා සංඝරත්නය විවිධ අය මේක විවේචනය කරන්න පුලුවන්, බනින්න පුලුවන්, නමුත් තරුණ පරම්පරාව දැන් පිටිසර ගම්වල විශාල වශයෙන් ගංජා, කුඩු පාවිච්චි කරනවා. හෂීස් කියලා වර්ගයක් පාවිච්චි කරනවා. ඕන තරම් සමාජ ගත වෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය ඇත්තටම ඒවාටත් පෙරමුණ ගන්න අවශ්‍යයි.
තායිලන්තය වගේ රටවල් ගත්තාම පැහැදිලිවම ඒ නගර වල තියෙනවා. ගංජා පිටට ගිහින් බොන්න බෑ, ඇතුලේ බීලා යන්න පුලුවන් ලයිසන් දීලා තියෙනවා. මිනිස්සුන්ට විකුණන්න.අවශ්‍යය කෙනෙක් බොයි. ඒක නීත්‍යානුකූලයි.ඉතින් මේ රටෙත් ඔය ගංජා බොන එක නතර කරන්න බෑ.
කැමති කෙනෙක් මේවා පාවිච්චි කරයි. දැනටත් පාවිච්චි කරනවානේ. දැන් සිගරට් මේ රටේ අලෙවිකරනවානේ, අපිට ඒක නතර කරන්න බෑ. කැමති කෙනෙක් බොයි, අකමැති කෙනෙක් නිකං ඉඳියි. ඕක ප්‍රශ්නයක් නෑනේ, හැමදේම සම්ප්‍රදායට, සංස්කෘතියට හිර වෙලා රටක්, ආයතනයක්, රජයක්, වෙළඳසැලක්, පාසලක් ගොඩනගන්න බෑ, කාලීන වශයෙන් අවශ්‍යය විදිහට සංශෝධනය කර ගෙන අවශ්‍යය තැනදී විධිමත් ලෙස කටයුතු කළ යුතුයි. මේක රජයේ වගකීමක්. ඉතාමත් හොඳ ප්‍රශංසනීය වැඩක් හැටියට මම දකිනවා"
Leave a Reply