ඊශ්‍රායෙලයේ ටෙල් අවිව් අවට ප්‍ර දේශ කිහිපයකට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් (එම්ඩීඒ) ගිලන්රථ සේවයේ හදිසි ප්‍රතිචාර දක්වන්නෙකු AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ ගොඩනැගිල්ලකින් "දුම නැඟී" ඇති බවත් "විශාල හානියක් සහ වීදුරු කැඩී බිඳී ඇති" බවත් ඔවුන් දුටු බවයි.

"ස්පන්දනයක් සහ හුස්ම ගැනීමක් නොමැතිව, සිරුරුවලට බරපතල තුවාල සහිතව සිහිසුන්ව සිටින දෙදෙනෙකු අපි දුටුවා " ඔවුන් තවදුරටත් පැවසීය. මෙම මිසයිල ප්‍රහාර වලින් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

 

0 comments

Leave a Reply

Post Comment