දැනට ටැංකි වල හා ඇණවුම් කර ඇති ඉන්ධන පිළිබඳව සලකා බැලීමේදී සංචිතය ප්‍රමාණවත් වන කාලසීමාවන් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීය.
ඒ අනුව 92 ඔක්ටේන් පෙට්‍රල් අප්‍රේල් 23 දා දක්වාත්
සුපිරි ඩීසල් හා ඔක්ටේන් 95 පෙට්‍රල් මැයි 10 දා දක්වාත්
සුදු ඩීසල් අප්‍රේල් 12දා දක්වාත්
බොරතෙල් අප්‍රෙල් 16 දා දක්වාත් ප්‍රමාණවත් බව අමාත්‍යවරයා පැවැසීය.
ඇණවුම් කළ නැව් කිහිපයක් මේ වන විටත් පැමිණෙමින් පවතින බවත් තෙල් සඳහා ටෙන්ඩරයක් මේ වන විට විවෘත වෙමින් පවතින බවත් ඔහු පැවැසීය. "අපිට ඩොලර් නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ යුදමය තත්ත්වයක් තියෙන්නේ" යැයි අමාත්‍යවරයා පැවැසීය.
Leave a Reply