රුපියල් අට කෝටි පනස් තුන් ලක්ෂ දස දහස් නව සියයක් වටිනා කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 611 බරැති රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ප්‍රංශ ජාතිකයෙකු 06/03 දින ශ්‍රී ලංකා රේගුවේ මැණික් සහ ස්වර්ණාභරණ තක්සේරු අංශයේ සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර මෙවර ඔහු පැය 24 ක කාළයක් සදහා පමණක් මෙරටට පැමිණීම සැළකිල්ලට ගනිමින් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි.
මොහු 06/03 දින උදෑසන 06.45 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොහු රැගෙන ආ ගමන් මලු තුළ රන් මාළ කීපයක් මෙන්ම , බැලූ බැල්මට සොයා ගැනීමට අපහසු වන අන්දමට කළු පැහැති තීන්ත ආලේපන කරන ලද රන් පොලු තොගයක් ද සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ශිවඥානම් මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම රත්තරන් තොගය රාජසන්තක කළ අතර , මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .
මෙම දඩ මුදල ගෙවීමට මෙම ප්‍රංශ ජාතිකයා අසමත් වීමත් සමග , ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා වෙත රේගු නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබේ. එහිදී මෙම ප්‍රංශ ජාතිකයා 06/08 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .
එහෙත් ඉකුත් 05/23 දින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රුපියල් කෝටි 08 ක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ විට , ඔහුට එම වටිනාකමෙන් 10% ක ප්‍රමාණයක් , එනම් හැත්තෑ පන් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ රේගු නිලධාරීන් , මෙවර ඒ හා සමාන වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුට රුපියල් කෝටි 07 ක , එනම් රැගෙන ආ භාණ්ඩ තොගයේ වටිනාකමට 100% සමාන වන ආකාරයට දඩ මුදලක් නියම කිරීම පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් ගොඩ නැගී තිබේ .
Demuni Uduwara
02 years 17 days 17 hours 19 minutes 32 seconds agoCustom might have been influenced by a Supreme politician !
Replyපෙු්මලාල් අමරසිංහ
02 years 17 days 17 hours 18 minutes 50 seconds agoපුංශ ජාතිකයාට සහ පුත්තලමෙි මන්තීුවරයාට හැදි දෙකකින් සැලකු සිද්ධිය. පාර්ලිමෙින්තු වරපුසාද වලට මුවාවී අයතු ලාභ ලබා ගන්නවා වාගේම නිතීයේ රැහැනින් රිංගා යාමට දේශපාලකයින්ට හැකිවී තිබෙනවා.සාමාන්‍ය ජනතාවට කිුයාත්මක නිතී ඔවුන්ට අදාල නැහැ
Reply