අද වන විට ඇත්තේ අලි මිනිස් ගැටුමක් නොව මිනිස් අලි ගැටුමක් බවත් මිනිසුන් විසින් වනාන්තරය ආක්‍රමණය කරමින් ඉදිකිරීම් සිදුකරන විට අලි ඇතුන් ඇතුළු වන සතුන්ට  මිනිස්සුන්ගේ වාසභූමි කරා පැමිණීමට සිදුව තිබෙන බව අධිවාසිනායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ පවසයි.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර යෙදුන අද (04) ආදිවාසි නායකයා ඇතුළු 40 දෙනකුගෙන් යුත් ආදිවාසින් පිරිසක් මහනුවරට පැමිණ  සමිඳුන් වෙත සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන මී පැණි පූජාව සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අලි ඇතුන් වෙඩි තබමින් විදුලිසැර වද්දවමින් හක්කපටස් කෑමට දෙමින් ඝාතනය කිරීමට ඇතැම් පිරිස් පෙළඹී සිටින බවත් එය මහා අපරාධයක් බවත්ය.

වන අලින් යනු මෙරටට ආදායම් උපද්දවා දෙනු ලබන සත්ව කොට්ඨාසයක් බවත් එම සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද ආදිවාසි නායකයා වැඩිදුරටත් පැවසීය.

කිත්සිරි මෙවන් රජ සමයේදී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී තනතුරි මලේ දී පළමු මේ පැණි පූජාව පවත්වා හේමමාලා කුමරියට හා දන්ත කුමරුට කිත්සිරි මෙවන් රජුගේ මාලිගාවට යාම සඳහා මඟ පෙන්වූයේ තම රැහේ මුතුන් මිත්තන් බවත් එතැන් පටන් පැවත ආ මී පැණි පූජාව කාලයක් නතරව තිබි තම පියා වන තිසාහාමි විසින් නැවත ආරම්භ කළ බවද වන්නිලෑඇත්තෝ අවධාරණය කරමින් මෙවර එය පවත්වනු ලබන්නේ 27 වැනි වරට බවද පැවසීය.

 

0 comments

Leave a Reply

Post Comment