හැත්තෑ දෙවැනි වරට පවත්වනු ලබන කෑන්ස් සිනමා උළෙල මෙම දිනවල ප්‍රංශයේදී පැවැත්වේ. ලොව පුරා සිටින කලාකරුවන්ගෙන් වර්ණවත් වන මෙම සිනමා උළෙල විලාසිතා පාරාදීසයක් බඳුවේ. මෙවර මෙම සිනමා උළෙල ආරම්භ වූයේ පසුගිය 14 වැනිදාය. එය එළඹෙන 25 වැනිදා නිමාවීමට නියමිතව තිබේ. මේ එහි රතුපළස වර්ණ ගන්වමින් හොලිවුඩ් හා බොලිවුඩ් තරු බැබළුණු අයුරුය.
















