කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇය පසුගියදා කළාය.
මෙම ප්‍රකාශය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර හමුවක්ද ඊයේ පැවැතියේය.
විජයකලා අමාත්‍යවරියව අමාත්‍යධුයෙන් ඉවත්කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා මීට පෙර ජනපතිවරයාට දැනුම් දී තිබුණි.
අද දිනය තුළදී ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වෙයි.