දහම් සිරිසේන ඇමෙරිකා ගිය හේතුව කියයි


ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන එක්වීම පිළිබඳ විවිධ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූ අතර ඒ සඳහා සෘණාත්මක විවේචනද එල්ලවිය. 

කෙසේ වෙතත් ඔහු ඒ පිළිබඳව සිය අදහස ෆේස් බුක් ගිණුම හරහා ප්‍රකාශ කර සිටියි. දහම් පවසන්නේ සිය මවට පැමිණි  ආරාධනය ඇය සමුළුවට සහභගී නොවීම හේතුවෙන් තමන්ට ඒ අවස්ථාව හිමි වූ බවයි.

එහිදී සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ වෙනුවෙන් තාරුණ්‍යට වෙන් කර තිබූ සමළුටද තමන්ට සහභාගිවීමට අවස්ථාව ලැබුණ බවත් එහිදී රටට වැදගත් අරමුණු පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වූ බවත් ඔහු සඳහන් කරයි.

සිය සහභාගීත්වය සෘණාත්මක වන්නේ කෙසෙදැයි යනුවෙන් ඔහු සඳහන් කරයි. එසේම තමන් හා තම පවුල පසුගිය පාලනය හා සංසන්දනය නොකරන ලෙසත් තම පවුල ඊට හාත්පසින්ම වෙනස් බවත් ඔහු කියයි.  එසේම සිය සහභාගීත්වය රටට ධනාත්මක වූ බවත් දහම් සඳහන් කරයි. 



Recommended Articles