කඳවුරේ පිපිරුමේ පාඩුව කෝටි සිය ගණනක්?


සාලාව හමුදා කඳවුරේ පිපිරීම නිසා සිදු වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් එම හානිය රුපියල් කෝටි සිය ගණනක් වියහැකි බවත් වාර්තා වේ.
පිපිරීම නිසා කඳවුරේ ගබඩා කර තිබූ සුළු ගිණි අවියේ සිට කාලතුවක්කු හා මල්ටිබැරල් අවි සඳහා යොදාගන්නා පතොරම් විශාල තොගයක් විනාශ වී ගිය අතර එහි වටිනාකම තක්සේරු කිරීමට තවත් දින කිහිපයක් ගතවන බවද වාර්තාවේ. පිපිරීමෙන් කඳවුරේ ප්‍රධාන ගොඩනැගිල්ල,ඉන්ධන පිරවුම්හල ඇතුළු කඳවුරු සංකීර්ණයේ ගොඩනැගිලි රැසකටද බරපතළ හානි සිදුව තිබේ. 

එමෙන්ම පිපිරීම නිසා කඳවුර අවට කිලෝමීටරයක පමණ වපසරියේ තිබූ පෞද්ගලික නිවාස හා වෙළෙඳ සල් දහසකට පමණ හානි සිදුව ඇති අතර ඉන් නිවාස 300ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව සීතාවක ප්‍රදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 
එම නිවාස, යානවාහන ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ හානිවීමක් ද සිදුවූ අතර, එම හානියද කොතෙක්ද යන්න ගණනය කිරීමට ද තවත් දින කිහිපයක් ගතවන බව ප්‍රකාශ වේ.

සාලාව හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම නිසා සිදු වූ හානිය මෙතෙක් ගණනය කර නැතැයි බටහිර බලසේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාද ඊයේ(06දා)සඳහන් කළේය.

සියලුම අවි ආයුධ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ගබඩා කර තිබූ බවත්, මෙම පිපිරීම ලෝකයේ එකම පිපිරීම හෝ ලංකාවේ එකම පිපිරීමද නොවන බවත් ඔහු පවසා සිටියේය‍. කඳවුර තුළ ගබඩා කර තිබූ සියලුම අවි ආයුධ මේ වසර අවසන් වනවිට ඉවත් කිරීමට සැලසුම් කර තිබූ බවත්, පිපිරීම සිදුවන අවස්ථාවේ කඳවුර තුළ තිබුණේ 10%කට ආසන්න ආයුධ ප්‍රමාණයක් බවත් මේජර් ජෙනරාල්වරයා පවසා සිටියේය. 

8c773fda-f4ca-4d72-b76e-99545ae104ad 9ca56475-b6a4-416c-aee5-d456af15273b 988abf2e-6ac7-4797-a955-103c785c16c0


වසා ඇති මාර්ග පැය 48ක් ඇතුළත විවෘත කරනවා
දැනට වසා ඇති හයිලෙවල් මාර්ගය පැය 48ක් ඇතුළත විවෘත කරන බවත් මේ දක්වා භාවිත කළ විකල්ප මාර්ග ඉදිරියටත් යොදාගන්නා ලෙසත් හෙතෙම සඳහන් කළේය.

_DSC0122 _DSC0954 9fa20155-bca5-4d8f-a520-c5a7c13d4657
තවමත් හේතුවක් සොයාගෙන නැහැ

පිපිරීම සිදුවූයේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් සොයාගෙන නොමැති අතර, සිදු වූ හානිය ගණනය කිරීමද ඊයේ (06දා) දිනය වනවිට සිදුකර නොතිබූ බව මේජර් ජනරාල්වරයා සඳහන් කළේය.අදාළ සිදුවීම නිසා එක් සෙබළෙකු අවාසනාවන්ත ලෙස මියගිය බවත්, තුවාල ලබා සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවත් ඒ මහතා පවසා සිටියේය.

කිසිදු හමුදා සාමාජිකයෙකු අතුරුදන්ව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදාව පරීක්ෂණ ආරම්භ කරන තිබෙන බවද මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය.පුපුරා යාමට ලක්වූ කොටස් අවට ප්‍ර‘දේශවලට වැටී තිබෙන බවත්, එම කොටස් ඉවත් කරමින් ප්‍ර‘දේශය ආරක්ෂිත වන ආකාරයට ජනතාව පදිංචි කරවන බවත් ඔහු පවසා සිටියේය.

13400902_894772300631722_16736187_n 13384804_894772290631723_363492222_n 13384772_894772313965054_1170023089_n 13401023_894772333965052_237183733_n

විනාශයට පත් සියලු නිවාසවලට වන්දි

මේ අතර විනාශයට පත් සියලුම නිවාස සඳහා වන්දි ලබාදෙන බවත්, නිවාසවලට අමතරව ව්‍යාපාරික ස්ථානවලටද වන්දි මුදල් හිමිවන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන  මහතා සඳහන් කළේය. කඳවුර තුළ සිදු වූ පිපිරීමෙන් ග්‍රාම නිලධාරී වසම් 09 ක ජනතාවට බලපෑම් එල්ල වූ බවත්, බලපෑම සිදූ වූ අවස්ථාවේ පවුල්  7,763කට අයත් පිරිසක් ආරක්ෂිත කඳවුරුවලට පැමිණි අතර, ඊයේ වනවිට එම ප්‍රමාණය පවුල් 186 දක්වා අඩු වූ බවත් ඔහු පවසා සිටියේය.

සියලුම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදුන් බවත්, නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල්වලට නිවාස ඉදිකර දෙන තෙක් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් රජය විසින් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.නිවාස සහ ගොඩනැගිලිවලට සිදු වූ හානිය ගණනය කිරීමක් සිදුනොකළ අතර, රජයක් ලෙස මුලින්ම සිදුකළේ ජනතාව ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගොස් අවශ්‍ය පහසුකම් සැපයීම බවද ඔහු පවසා සිටියේය.

_DSC0974 _DSC0999 _DSC0978 _DSC0070 13339698_276699626009718_8865351358837416187_n 13336018_276699259343088_2856203016737160931_n 13315376_276699409343073_3948557433210370227_n 13315619_276699266009754_2367957995756647745_n 13322123_276699479343066_4687010979387035301_n 13315249_276699462676401_5844683223905169945_n 13315514_276679952678352_912252641143818445_n 13346693_276679962678351_5396145262157252935_n 13406877_276680032678344_6477919493422137832_n


සෞඛ්‍ය පහසුකම් ලබාදීමට විශේෂිත වැඩපිළිවෙළක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ කඳවුර තුළ සිදු වූ පිපිරීම නිසා තුවාල ලැබූ 09 ක් සහ ශ්වසන ආබාධ ඇතුළු සුළු සුළු ආබාධ හේතුවෙන් තවත් 48 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. මෙම පිරිසෙන් එක් අයෙකු මියගිය අතර, 39 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. 

ඉතිරි අට දෙනාගෙන් එක් අයෙකු මහනුවර මහ රෝහල තුළත්, තවත් අයෙකු අවිස්සාවේල්ල රෝහල තුළත් ප්‍රතිකාර ලබන අතර, 05 දෙනෙකු කරවනැල්ල රෝහල තුළ සහ එක් අයෙකු  හෝමාගම රෝහල තුළ ප්‍රතිකාර ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව කඳවුරුවල සිටින සියලුම දෙනාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමට විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය‍.

අදාළ ප්‍ර‘දේශයේ ජනතාවට සුළු වශයෙන් ශ්වසනාබාධ ඇතිවිය හැකි බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ළඟම රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් පාලිත මහීපාල මහතා ඉල්ලා සිටියේය. 

_DSC0004 _DSC0052


කඩිනම් ජල සැපයුමට ජල ටැංකි 200 ක්

මේ අතර, පිපිරීම සිදු වූ කඳවුර අසල ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල පිරිසුදු කිරීමේ ස්ථානයක් සහ ජල ගබඩා කරන ස්ථානයක් පවතින බවත්, පිපිරීමේ සිදුවීම නිසා එම ස්ථානවලින් ජලය ලබාගැනීම  තාවකාලිකව නවතා දැමූ බවත් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.මිනිසුන් ප්‍ර‘දේශයෙන් ඉවත්ව සිටීම නිසා මුල් අවස්ථාවේදී ගැටලුවක් ඇති නොවූ බවත්, එහෙත් නැවත පැමිණෙමින් සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සැපිරීම සඳහා ප්‍ර‘දේශය අවට ජල ටැංකි 200කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙන බවත් එම මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සර් මහතා සඳහන් කළේය. 

ජල බවුසර මගින් අදාළ ස්ථානවලට අඛණ්ඩව ජලය සපයන බවද ඔහු කියා සිටියේය.කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කරන අතර, ජල සම්පාදන මණ්ඩලය බෙදාහරින ජලය ප්‍රමිතියෙන් යුක්ත බවත්, මෙම සිදුවීමෙන් ජල මූලාශ්‍රවලට විශාල හානියක් සිදු නොවන බත් ඔහු සඳහන් කළේය.

_DSC1012


ජල හා වායු දූෂණ ගැන මධ්‍යම පරිසර අධිකාරියෙන් පරීක්ෂණ

එමෙන්ම අදාළ පිපිරීම නිසා පරිසර දූෂණයක් හෝ ජල දූෂණයක් සිදුවනවාද යන්න සොයාබැලීම සඳහා ප්‍ර‘දේශය පරීක්ෂා කිරීමකට ලක්කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. මෙවැනි සිදුවීමකදී වායු දූෂණයක් සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳව සොයා බැලීමට සෑම පැය 03කට වරක්ම අදාළ ප්‍රදේශවල වායු සාම්පල පරීක්ෂාවකට ලක්කරන බවත් එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සන්ධ්‍යා රත්නායක මහතා සඳහන් කළේය.


නිවාස සහ දේපළ ආරක්ෂාවට ආරක්ෂක අංශ සීරුවෙන්

අදාළ ප්‍ර‘දේශවල ජනතාවගේ නිවාස සහ දේපළ ආරක්ෂා කරදීම සඳහා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබිණි.මීට අමතරව පුපුරා ගොස් නිවෙස්වලට සහ ව්‍යාපාරික ස්ථානවලට වැටුණු සුන්බුන් ඉවත් කිරීම යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ විශේෂ ඒකක විසින් සිදුකරනු ලැබිණි.

_DSC0008 _DSC0004 _DSC0030

යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක්, CID පරීක්ෂණත් අැරඹෙයි

මීට අමතරව පුපුරා නොගිය කොටස් නිශ්ක්‍රීය කිරීමේ කටයුතු සඳහා බෝම්බ නිශ්ක්‍රීය අංශ යොදවා තිබුණු අතර, කඳවුර තුළ සිදු වූ සිදුවීම් පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ. යුද හමුදාවද විෙශ්ෂ පරීක්ෂණයක් අාරම්භ කර තිෙබ්. මේ අතර, කොස්ගම සාලාව ප්‍ර‘දේශයේ සිදු වූ පුපුරා යෑම පිළිබඳව ජනතාවට සිය බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ පුපුරා යෑම නිසා එක් හමුදා සාමාජිකයෙකු තුවාල ලබා තිබෙන බවත්, මීට අමතරව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුද තුවාල ලැබූ බවත් එම අමත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය ඊයේ (06දා) දින නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට ජාතික ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත යුද හමුදාපතිවරයා විසින් මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද එම කේන්ද්‍ර‘යේ වැඩ බලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී අවට ප්‍රදේශවල විසිරී ඇති කොටස් හමුවුවහොත් ඒවා ස්පර්ශ නොකරන ලෙස හා වෙනත් කාර්යයන් සඳහා යොදා නොගන්නා ලෙසද එම මාධ්‍ය නිවේදනය මගින්  ජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි කොටස් හමු වුවහොත් ඒ පිළිබඳව 0113 818 609 හෝ 0112 434 251 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ඉල්ලා සිටියි.

මෙම සිදුවීමට පෙර 2009 වසරේදී ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් වවුනියාව ප්‍ර‘දේශයේ පතොරම් ගබඩාවක් දින 03 ක් තිස්සේ පිපිරීමට ලක්වූ බවත්, මීට අමතරව  මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේද මේ වසරේ මැයි 31 වැනිදා වෙඩි බෙහෙත් ගබඩාවක් පුපුරා යාම නිසා පුද්ගලයන් 17 දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් සඳහන් කරන වැඩ බලන අධ්‍යක්ෂවරයා මේ නිසා කටකතාවලට  නොරැවටෙන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අවතැන් වී සිටින ජනතාව කළුඅග්ගල දෙව් මැදුර තුළ සහ අකරවිට මහා විද්‍යාලය තුළ රඳවා සිටින අතර, අදාළ පිපිරීම නිසා සාලාව රෝහලට දැඩි අලාභහානි සිදුව තිබේ.

ඉන්දික හේවාවිතාරණ/අමිත් මධුරංග/ බිමල් ශ්‍යාමන්



Recommended Articles