’අලස් - ගුණසේකර’ පැසිපන්දු ශූරතාව රාජකීයයන් රැගෙන යයි


කොළඹ රාජකීය විද්‍යාලය හා ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර 'අලස් - ගුණසේකර' කුසලානය (අවුරුදු 19න් පහළ) වෙනුවෙන් 03 වැනි වරට පැවැති පැසිපන්දු තරගයේ මෙවර ශූරතාව දිනා ගැනීමට රාජකීය විද්‍යාල සමත් විය. මෙහි ලකුණු තත්ත්වය දැක්වූයේ 59 – 47ක් ලෙසිනි.

මෙම තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා (22දා) පැවැත්විණි. මෙම තරගයේ කාර්තු 4 අවසන් වද්දී ලකුණු දැක්වුනේ 14 – 06 ,28 – 19ක් ,41- 27ක් හා 59 – 47ක් ලෙසිනි.

ප්‍රධාන තරගයට සමගාමීව කොළඹ දේවි බාලිකා විද්‍යාලය හා ගේට්වේ පාසල අතර පැවති අවුරුදු 19න් පහළ බාලිකා ප්‍රදර්ශන තරගයෙන් ලකුණු 51 – 25ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ගේට්වේ කණ්ඩායම සමත් විය. එමෙන්ම ගේට්වේ - රාජකීය කණ්ඩායම් අතර පැවති අවුරුදු 15න් පහළ තරගයෙන් 42 – 23ක ජයක් රාජකීයයන්ට හිමිවිය.

ඡායාරූප - ඉසුරු පෙරේරා

 



Recommended Articles