ෆෝමියුලා වන් හිටපු ලොක්කා වයස අවුරුදු 90 දීත් පියපදවියට


ෆෝමියුලා වන් මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි බර්නි එක්ලෙස්ටෝන් නැවත වරක් පිය පදවියට පත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

විශේෂත්වය වන්නේ සිව්වැනි වරට පිය පදවිය ලබන එක්ලෙස්ටෝන් මේ වන විට සිටින්නේ සිය 90 වැනි වියට මාස කිහිපයක් පසුපසින් වීම හේතුවෙනි. එක්ලෙස්ටෝන්ගේ 44 හැවිරිදි බිරිද ෆැබියානා ෆ්ලොසි එළඹෙන ජූලි මාසයේදී දරුප්‍රසූතියට සූදානමින් සිටින බව වාර්තා වේ.

ෆැබියානාට පෙරවිවාහ කිහිපයක්ම සිදු කරගෙන ඇති එක්ලෙස්ටෝන් දියණියන් තිදෙනෙකුගේ පියෙකි. එයින් වැඩිමහල් දියණිය වන ඩෙබොරා එක්ලෙස්ටෝන්ගේ වයස අවුරුදු 65 කි.

ලොව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන ෆෝමියුලා වන් හි පාලනාධිකාරියේ පතාක යෝධයෙකු ලෙස හැදින්වෙන එක්ලෙස්ටෝන් එහි වෙළද හිමිකම් (Commercial Rights) හා ප්‍රවර්ධන අයිතිය හිමි ෆෝමියුලා වන් සමූහ ව්‍යාපාරයේ නියමුවාද වේ. ඔහු සතු වත්කම ඇ.ඩො. බිලියන 3.2 ක් පමණ වේ. 



Recommended Articles