හැව්ලොක් කණ්ඩායම වසර 38 කට පසු ක්ලිෆර්ඩ් කුසලාන ශූරයෝ වෙයි


වසර 38 කට පසු ක්ලිෆර්ඩ් කුසලාන ශූරයින් ලෙසින් කිරුළු පැළදීමට හැව්ලොක් කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ අද (24දා) පැවති අවසන් මහා තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුනු 40-21 ක් ලෙසින් පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී හැව්ලොක් ක්‍රීඩකයෝ ලකුනු 21-14 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූහ. හැව්ලොක් ක්‍රීඩකයෝ මීට පෙර අවසන් වරට 1981 වර්ෂයේදී මෙම ශූරතාව දිනා ගැණීමට සමත්වූහ.

 ඡායාරූප- ඉසුරු පෙරේරා



Recommended Articles