ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසංහ මහතා පත්කරන ලෙස සඳහන් කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස සඳහන් කරන්නේ මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කළ බවද ඔහු සඳහන් කළේය.