සී.ආර්. දෙවැනි අදියරේ ශූරතාව දිනද්දී සමස්ත ශූරතාව සී.එච්.ට


ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ කුසලාන අවසන් තරගයේදී සී.එච් ඇන්ඩ් එෆ්.සී 'ඒ' කණ්ඩායම ලකුණු 21-12ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ තුරඟ තරග පිටියේදී පෙරේදා (17දා) නිමාවට පත්විය.

තරගාවලියේ තෙවැනි ස්ථානය නාවික හමුදා 'ඒ' ,  පලඟ ශූරතාව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. 'බී' හා, බඳුන ශූරතාව පොලිස් 'ඒ' හා පළිහ ශූරතාව නාවික හමුදා 'සී' ලෙස කණ්ඩායම්වලට බෙදී ගියේය.

මේ අතර මෙහි කාන්තා අංශයේ ශූරතාව එහි පළමු අදියරේ ශූරයන් වූ නාවුක හමුදා කණ්ඩායම විසින්ම දිනාගත්තේය.

කෙසේ වෙතත් පළමු අදියරේදී ලබාගත් ප්‍රසාද ලකුණු සටහන අනුව තරගාවලිය් සමස්ත ශූරතාව සමස්ත ලකුණු 85ක් ලබාගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. 'ඒ' කණ්ඩායම විසින් හිමිකර ගත්තේය. කාන්තා අංශයේ සමස්ත ශූරතාව නාවික හමුදාව විසින් දිනා ගනු ලැබූයේ ප්‍රසාද ලකුණු 100 සම්පූර්ණ කර ගනිමිනි. තරගාවලියේ වැඩම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වූයේ පොලිස් ක්‍රීඩා සමාජයේ කසුන් සුරංග (19)ය‍. එමෙන්ම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින්  සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා සම්මාන දිනා ගත්ත්ය.

AID_3507 AID_3512 AID_3529 AID_3535 AID_3556 AID_3631 AID_3651 AID_3694 AID_3773

තරගාවලියේ  වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ පොලිස් 'ඒ' කණ්ඩායමේ කසුන් සුරංග

AID_3778

තරගාවලිියේ වටිනාම ක්‍රීඩකයා වූ සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා

AID_3843

සමස්ථ ශූරතාව දිනූ සී.එච් ඇන්ඩ් එෆ්.සී. 'ඒ' කණ්ඩායම

AID_3838

දෙවැනි අදියරේ ශූරතාව දිනූ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම

 

ඡායාරූප- ඉසුරු පෙරේරා



Recommended Articles