සී.ආර්. ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි


මෙවර තරගවාරය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත්විය. ඒ පොලිස් කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව ලකුනු 17-13 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙය කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (30දා) පැවැත්විණි.

තරගයේ පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩාම ලකුණු 7-3 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට සමත්විය. දෙවැනි අර්ධයේදී ඔවුන්ට පොලිස් කණ්ඩායමෙන් යම් අභියෝගයක් එල්ල වුවද සී.ආර්. ක්‍රීඩකයින් එය සාර්ථකව මැඩ පවත්වා ගැනීමට සමත්විය.

ජයග්‍රාහී සී.ආර්. ක්‍රීඩකයෝ ගෝල දිනුම්  2 ක් හා එක් දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළ අතර පොලිස් ක්‍රීඩකයනින් ගෝල උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles