සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ සන්තුල් පිට පිටම කඩුලු හතරක් දවාගනියි


සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියේදී පිට පිටම පන්දු හතරකදී කඩලු හතරක් දවා ගැනීමට සන්තුල් විජයරත්න සමත්විය. කොළඹ නාලන්දා විදුහලේ සිසුවෙක් වන සන්තුල් තවමත් 10 වැනි වියේ පසුවෙයි.

සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 10න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සන්තුල් සම්මාන ලැබීය.

දකුණතින් දඟ පන්දු යවන සන්තුල් තරගාවලිය පුරාම පිත්තෙන් හා පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය.



Recommended Articles