2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මීට සුළු මොහොතකට පෙර එම ඒකකයට පැමිණියේය.
ඒ එම ඒකකය කළ දැනුම් දීමකින් අනතුරුවය. මේ වන විට එවක තේරීම් කමිටු සභාපති අරවින්දද සිල්වා, ක්‍රීඩක උපුල් තරංග එම ඒකකයට පැමිණ ප්‍රකාශ ලබා දී තිබේ.