ෂාහින් ෂා ගෙන් වාර්තාගත පන්දු යැවීමක්


සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථානු වේග පන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්රිඩ් කඩුළු 5 ක් දවා ගත්තේය. ඒ පන්දුවාර 26.5 ක් යවමින් ලකුණු 77 ක් පමණක් ලබා දෙමිනි. එහිදී ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා හා ළහිරු කුමාර ෂහීන් ගේ ගොදුරු බවට පත්විය. වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ෂා සිය ටෙස්ට් දිවියේදී ලබා ගත් පළමු කඩුළු 5 අවස්ථාවද මෙය වේ. ඔහුට අමතරව මොහොමඩ් අබ්බාස් ශ්‍රී ලංකා කන්ඩායමේ කඩුළු 4 ක්ද හැරිස් සොහේල් එක් කඩුල්ලක්ද බැගින් දවා ගත්හ.

 

ඡායාරූප - ඕෂිත වරකපිටිය



Recommended Articles