ශා. ජෝශප් හා ශා. තෝමස් රග්බි ජයග්‍රහණ වාර්තා කරති


අන්තර්පාසල් ලීග් පළමු කාණ්ඩයේ ලීග්රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති තරග ද්විත්වයෙන් ජයග්‍රහණ වාර්තා කිරීමට ගල්කිස්ස ශා. තෝමස් හා මරදාන ශා.ජෝශප් විදුහල් සමත්විණි. මෙහිදී ශා. පීතර සමග පැවති තරගයෙන් ලකුණු 20-19 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශා. තෝමස් කණ්ඩායම සමත්විය. මෙම තරගය දෙවිදුහල් අතර වාර්ෂික ආචිබෝල්ඩ් පෙරෙයිරා කුසලානය වෙනුවෙන් පැවැත්විණි. ජයග්‍රාහී ශා. තෝමස් ආචිබෝල්ඩ් කුසලානය 2016 වර්ෂයේ සිට තමන් සන්තකයේ තබා ගැනීමට මේ වන විට සමත්වී ඇත. මීට අමතරව කොළඹ ලොන්ඩන් පෙදෙසේදී පැවති තරගයෙන් ගල්කිස්ස විද්‍යා විදුහල පරදා ලකුණු 20-14 ක ජයක් වාර්තා කිරීමට මරදාන ශා. ජෝශප් විදුහල සමත්විය.

ඡායාරූප - ශමීර රාජපක්‍ෂ

 



Recommended Articles