ශා. ජෝශප් ජනාධිපති කුසලානයේ අවසන් තරගයට


මයිලෝ අන්තර්පාසල් ජනාධිපති කුසලානයේ අඛණ්ඩව දෙවැනි වරටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ශා. ජෝශප් විදුහල සමත් විය. ඒ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් මහනුවර කිංග්ස්වුඩ් පරදා ලකුණු 23-10 ක පහසු ජයක්හිමි කර ගනිමිනි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (23) පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 10-09 ක් ලෙස කිංග්ස්වුඩ් විදුහල ඉදිරියෙන් සිටිමින් අවසන් වුවද දෙවැනි අර්ධය තුළදී ශා. ජෝශප් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූහ.

ජයග්‍රාහී ශා. ජෝශප් ක්‍රීඩකයින් ගෝල දිනුම් 2ක්, හා දඩුවම් පහර 3 ක් මගින්ද කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් මගින්ද සිය ලකුණු රැස් කළහ. මෙහි දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ වෙස්ලි හා බම්බලපිටිය ශා.පීතර අතර අද (24) පැවැත්වේ.

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

 

 



Recommended Articles