ශ්‍රී ලංකාවට ලකුණු 320ක ඉලක්කයක්


සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදී කඩුලු 7ට ලකුණු 319ක් රැස්කළේය.

පළමු එක්දින තරගය පැවැති මවුන්ට් මනුගායි පිටියේදීම මෙම තරගයත් පැවැත්වෙයි. රොස් ටේලර්, කොලින් මුන්රෝ හා ජිමී නීසාම් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.ලසිත් මාලිංග කඩුලු දෙකක් දවාගත්තේය. තරග තුනකින් සමන්විත -එක්දින තරගාවලිය මේ දක්වා 1-0ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් පසුවෙයි.

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම තරගයටත් ක්‍රීඩා කරයි.

 



Recommended Articles