ශ්‍රී ලංකාවට 279ක ඉලක්කයක් - මාලිංග කඩුලු පහක් දවාගනියි


සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 278ක් රැස්කිරීමට සමත්විය.

නායක මොගන් (92), ජෝ රූට් (71) පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග නියමිත පන්දුවාර 10දී ලකුණු 44ට කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය. එය එක්දින පිටියේදී මාලිංග කඩුලු පහක් බැගින් දවාගත් 8 වැනි අවස්ථාව වෙයි.

ණුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා, අකිල ධනංජය හා තිසර පෙරේරා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.



Recommended Articles