ශ්‍රී ලංකාව හමුවේ ද. කොරියාව පසුබසියි


ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරේදී ද.කොරියාව පරදා ලකුණු 24-10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේ පළමු දිනය අද (28දා) පැවැත්විණි. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකාව හොංකොං සමගින් පැවති තරගය ලකුණු 34-00 ක් ලෙසින් පරාජය වීමට සිදුවිය. මෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වේ.

මේ අතර මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අංශයේ පළමු දිනයේ සහභාගිවූ තරග ද්විත්වයම පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ ජපානය හමුවේ 34-00 ක් හා තායිලන්තය හමුවේ 36-05 ක් ලෙසිනි. මෙම තරගාවලියටද ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් සහභාගි වේ. කෙසේ වෙතත් අයහපත් කාළගුණයෙන් තරගයට බාධා එල්ල විය.

ඡායාරූප- ඔ්ෂිත වරකපිිටිය



Recommended Articles