ශ්‍රී ලංකාව හමුවේ කොදෙව්වෝ පසුබසිති


ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුනු 23 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගාවලියේ 39 වැනි තරගය හා ශ්‍රී ලංකාව සහභාගි වූ 9 වැනි තරගය ලෙස මෙය චෙස්ටර් ලී හිදී පැවැත්විණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුණු 104 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කළේ ලකුණු 315 ක් පමණි. තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය.



Recommended Articles