ශ්‍රී ලංකාව බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන්මහා තරගයට


14වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ තරගාවලියේ අද (18දා) පැවති අවසන් පූර්ව තරගයෙන් ඉරානය  ලකුනු 10-02 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙහි අද (18දා) පැවති අනෙක් අවසන් පුර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 13-02 ක ජයක් හිමිකර ගැණීමට පකිස්ථානය සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව අනිද්දා පකිස්ථානය සමගින් තරග වැදීමට නියමිතය. තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය හෙට ඉන්දියාව හා ඉරානය අතර පැවැත්වෙන අතර පස්වැනි ස්ථානය වෙනුවෙන් බංග්ලාදේශය හා නේපාලය තරග වදිනු ඇත. තරගාවලියේ සියළු තරග දියගම ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඡායාරූප-ඕෂිත වරකපිිටිය



Recommended Articles