ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් ජය ගනියි


කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා වොලිබෝල් තරගාවලියේ පළමු කඩඉම් දෙකම සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමත් විය. ඒ තමන් සහභාගිවූ පළමු තරග ද්විත්වයේදී පිළිවෙළින් හොංකොං හා මැලේසියානු කණ්ඩායම් පරාජයට පත් කරමිනි.

එහිදී තරගාවලියේ ශ්‍රී ලංකාව ඊයේ (16දා) සවස මැලේසියාව සමග පැවති තරගයෙන් තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කළේය. තරගයේ පළමු අර්ධයේදී ඉතා දක්ෂ ක්‍රීඩා විලාසයක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 25-16 ක් ලෙස එහි ජය හිමි කරගත් අතර , දෙවැනි වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් සිදුවූ වැරදි උපයෝගී කරගෙන පමණක් මැලේසියාව සිය ලකුණු පරතරය 25-18 ක් ලෙස අවම කරගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩා රටාව තෙවැනි වටයේදී යම් තරමකට අධ්‍යයනය කළ මැලේසියන් ක්‍රීඩකයන්, ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අභියෝග කළද එම වටයේ ජයග්‍රහණයද 25-23 ක් ලෙස ශ්‍රී ලංකාව සතු විය. තරගය පුරාම ජනිත් සුරත්, දීප්ති රොමේෂ් හා ලසිඳු මෙත්මාල්ගේ ආක්‍රමණශීලි පන්දු පිරිනැමීම් හොංකොං කණ්ඩායම දැඩි පීඩනයට ලක් කළේය

.

 

 



Recommended Articles