ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ජනපති අගමැති සුබ පතයි


ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක් කර තිබේ. 

සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.



Recommended Articles