විරාත් කෝලිගෙන් වාර්තාවක්


විස්සයි20 ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.

ඒ එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (03දා) පැවැති විස්සයි20 තරගයේදීය. මෙම තරගයේදී පන්දු 22කදී ලකුණු 20*ක් රැස්කරමින් කෝලි විස්සයි20 පිටියේ ලකුණු සංඛ්‍යාව 2012ක් බවට පරිවර්තනය කර ගත්තේය

ඔහුට ඒ සඳහා ඉනිම 60ක් පමණක් ගතවී තිබේ. කොලිගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 90ක් ලෙස දැක්වෙන අතර ඉනිමක සාමාන්‍ය 49.07කි.

විස්සයි20 පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වන්නේ නවසීලන්තයේ මාටින් ගප්තිල්ය (2271/ඉනිම 75) . ඉන් අනතුරුව නවසීලන්තයේම බ්‍රෙන්ඩන් මැකලම් (2140/ඉනිම 71) හා ශොයිබ් මලික් (2039/ඉනම 100) දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි. කෝලි සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

එංගලන්තය හා පැවැති විස්සයි20 තරගය කඩුලු අටකින් ජය ගැනීමටත් ඉන්දියාව සමත්විය.



Recommended Articles