වැන්ඩසේට වසරක අත්හිටවූ ජාත්‍යන්තර තරග තහනමක්


නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට එරෙහිව වසරක අත්හිටවූ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඊට අමතරව ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් 20%ක දඩයක්ද පනවා ඇත.

වසරක කාලසීමක් තුළදී වැන්ඩසේ නැවතවරක් විනය විරෝධී ලෙස හැසිරුණහොත් ඔහුට එරෙහිව පැනවූ තරග තහනම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.



Recommended Articles