ලෝක කුසලානයේ ලංකාවේ ඉදිරිය තීරණය කරන තීරණාත්මක තරගය අද


විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතව තිබේ. 

තරගාවලියේ ඉදිරියට ගමන් කිරිමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වෙයි. මෙම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්විමට සිදු වෙනු ඇත.

මෙම තරගය හේතුවෙන් අද පස්වරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අවට විශේෂ රථවාහන ධාවන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 



Recommended Articles