ලෝක කුසලානයේ නිලධාරී මණ්ඩලයට ලංකාවෙන් තිදෙනෙක්


එංගලන්තයේ හා වේල්සයේ ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ නිලධාරී මණ්ඩලයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙකු තෝරාගෙන තිබේ. ඒ අනුව විනිසුරු මඬුල්ල සඳහා මෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත. තරග තීරකයෙක් ලෙස රංජන් මඩුගල්ලේ තේරාගෙන තිබේ.තරගාවලිය සඳහා විනිසුරන් 16 දෙනෙක් හා තරග තීරකවරුන් 6 දෙනෙක් එක්වීමට නියමිතව තිබේ.

 



Recommended Articles