ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය බෙල්ජියමට


එංගලන්ත කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් පාපන්දු ලෝකු කුසලානයේ ‍තෙවැනි  ස්ථානය හිමිකර ගැනීමට බෙල්ජියම් කණ්ඩායම සමත්විය. ඒ තෙවැනි ස්ථානය වෙනුවෙන් ඊයේ පැවැති තරගය ජයගනිමිනි.

තරගයේ පළමු අර්ධයේ පටන් බෙල්ජියම් කණ්ඩායම ඉදිරියෙන් පවසුවිය. ඒ 4 වැනි විනාඩියේදී මෙයනිර් වාර්තා කළ ගෝලයත් සමගිනි.

නැවතත් 82 වැනි විනාඩියේදී හැසාර්ඩ් ගෝලයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව බෙල්ජියම තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතය.



Recommended Articles