ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ආසියානු කලාපයේ පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට 'එච්' කාණ්ඩයේ අවසන් ස්ථානය හිමිවී ඇත. තරගාවලියේ දෙවැනි වටය ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ද්විත්වයම පරාජයට පත්විය. ඒ තුර්කිමෙනිස්ථානයට ගෝල 2-0 ක් හා උතුරු කොරියාවට ගෝල 1-0 ක් ලෙසිනි. කෙසේ වෙතත් කණ්ඩායම් 5 ක් සහභාගි වන තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් තරග 6 කට මුහුණදීමට සිදුවන අතර එහි මීලඟ තරගය එළඹෙන ඔක්තෝම්බර් 10 වැනිදා දකුණු කොරියාවට එරෙහිව පැවැත්වේ.
ශ්‍රී ලංකාව හා උතුරු කොරියාව අතර තරගයේ අවස්ථා
ඡායාරූප - ඉසුරු පෙරේරා