ලසිත්ගේ අවසන් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩා කරන අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ලසිත් මාලිංග



Recommended Articles