ලංකාව තවත් ලකුණු 259ක් පසුපසින්


සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන සිටියි.

මුලින්ම  පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285ක් වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව කඩුලු 9ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 259ක් පසුපසින් සිටියි. කෞෂාල් සිල්වා ලකුණු 6කට දැවී ගියේය. දිමුත් කරුණාරත්න (19*) හා මලින්ද පුෂ්පකුමාර (1*) නොදැවී පිටියේ රැඳී සිටිති.

එංගලන්තය වෙනුවෙන් ජෝස් බට්ලර් (63), සෑම් කුරන් (64) අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්රුවන් පෙරේරා (61/4), මලින්ද පුෂ්පකුමාර (89/3), අකිල ධනංජය (80/2) පන්දුවෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ.



Recommended Articles