රොයි ඩයස්ට අවිශ්කට පුහුණුකරු ධූර


ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඒ එළැඹෙන ඉන්දීය සංචාරය වෙනුවෙනි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කළමනාකරු ලෙස  චමින්ද මෙන්ඩිස් මහතා පත්කර තිබේ.එසේම ඔහු ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කරයි.

මේ අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා පත්කර තිබේ. ඒ එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙනි. එම තරගාවලියේදී කණ්ඩායම් කළමනාකරු ලෙස හේමන්ත වික්‍රමරත්න මහතා පත්කර තිබේ. හේමන්ත වික්‍රමරත්න මහතා ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක්ද වෙයි.



Recommended Articles