යුවරාජ් සිං යළි ක්‍රිකට් පිටියට


ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහු එළඹෙන දේශීය තරගවාරයේ දී පන්ජාබ් කණ්ඩායම නියෝජනය කිරීමටයි තීරණය කර තිබෙන බවට වාර්තා වෙයි

ඒ සඳහා අවසර ඉල්ලමින් යුවරාජ් සිං ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි වෙත ලිපියක් ද යොමු කර ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles