මැතිව්ස් හා කුසල් ටෙස්ට් සංචිතයට නම් කරයි


සංචාරක එංගලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර ඇත. මැතිව්ස් එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත්කර තිබේ.

එසේම එක්දින හා විස්සයි20 සංචිතයට ඇතුළත් නොවූ කුසල් මෙන්ඩිස්ද ටෙස්ට් තරගාවලියට නම් කර තිබේ. කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් සුපුරුදු පරිදි කටයුතු කරයි.

ටෙස්ට් සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, රොෂේන් සිල්වා, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ළහිරු කුමාර (ශාරීරික යෝග්‍යතාව අනුව), ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල



Recommended Articles