මැතිව්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්


මීටර් 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සුපිරි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සමත්විය.

ඒ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේදීය.

එම තරගාවලියේ මූලික වටයේ තරගයට අද (19) මැතිව්ස් මුහුණ දෙමින් විනාඩි 1 තත්පර 50.97 කාලයක් වාර්තා කිරීමට මැතිව්ස් සමත්විය.කෙසේ වෙතත ඔහු එහිදී 6 වැනි ස්ථානයට පත්ව තරගයෙන් ඉවත්විය.  

මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.



Recommended Articles