මාරක රිය අනතුරකට අදාළව කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට


පානදුරදී අද අලුයම සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පානදුර ගොරකාන ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් 64 හැවැරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles