මහරූෆ් කණිෂ්ඨ ක්‍රිකට් තේරිම් කමිටුවට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වීම් ලිපි අද (08දා)  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලබාදුන්නේය. එහි සභාපති ලෙස  රංජිත් මධුරසිංහ මහතා නම්කර ඇති අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෆර්විෂ් මහරූෆ්ද සාමාජිකයන් ලෙස එක්ව තිබේ. මීට අමතරව රන්ජන් පරණවිතාන මහතා, ගජබා පිටිගල මහතා, නිශාන්තන් මහතා, කේ.එච් නන්දසේන මහතා, ගාමිණී වික්‍රමසිංහ මහතා, ඩිල්ශාන් ද සිල්වා මහතා, නිලන්ත රත්නායක මහතා යන අය නම්කර තිබේ.

 

 



Recommended Articles