මංගල තරගයේදීම ශතකයක්


සිය මංගල එක්දින තරගයේදීම ශතකයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් (102/ පන්දු 89) සමත්වූයේය.ඒ ශ්‍රී ලංකාව හා පල්ලෙකැලේ පිටියේ පිටියේ පැවැත්වෙන තෙවැනි ඉක්දින තරගයේදීය.

ශතකය ලබාගැනීමෙන් අනතුරුව මුහුණ දුන් ඊළඟ පන්දුවෙන්ම ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය.

හෙන්රික්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් එවැනි දක්ෂතාවක් දැක්වූ තෙවැනි පිතිකරුවා වන අතර ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ 14 වැනි පිතිකරු වෙයි.

මංගල තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් 14 දෙනාගෙන් පස්දෙනෙක්ම එම දක්ෂතාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

රීසා හෙන්රික්ස් පන්දු 88කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර ඒ අනුව එය මංගල එක්දින තරගයේ ශතක රැස්කළ පිතිකරුවන් අතර වේගවත්ම ශතකය (අඩුම පන්දු ප්‍රමාණයකින් රැස්කළ ශතකය) ලෙස වාර්තා අතරටද එක්විය.

 



Recommended Articles