බ්‍රසීලයත් අවසන් 16ට


බ්‍රසීල කණ්ඩායම හා සර්බියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-0ක් ලෙස ජයගත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට සමත්විය.

ඊ කාණ්ඩයේ තරගයක් වූ මෙය ඊයේ (27දා) පැවැතියේය. තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.

ඉන් අනතුරුව දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ තියාගේ සිල්වා (60’) බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත්විය.

තරගයේ වීරය ලෙස පිල්පේ කෝටිනෝ සම්මාන ලැබීය.

තවත් තරග කිහිපයක ප්‍රථීපල

ස්විට්සර්ලන්තය 2 – 2 කොස්ටාරිකා

මෙක්සිකෝ 0 – 3 ස්වීඩන්



Recommended Articles