බංග්ලාදේශය පිත්ත අතට ගනියි


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක තමීම් ඉක්බාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.

මෙම තරගයේදී තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ. තිසර ලෝක කුසලාන තරගාවලියේදීත්, මෙම තරගාවලියේ පළමු තරගයේදීත් අසාර්ථක විය. පළමු තරගයට ක්‍රීඩා නොකළ අකිල ධනංජය හා ඉසුරු උදාන කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම - අවිශ්ක ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඉසුරු උදාන, ණුවන් ප්‍රදීප්, ළහිරු කුමාර

 



Recommended Articles