බංග්ලාදේශ තරගාවලියේ පළමු තරගයෙන් පසු මාලිංග විශ්‍රාම ගනියි?


බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම ජුලි 26 දා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරිමෙන් පසුව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්තා ද මැල් මහතා සඳහන් කරන්නේ ලසිත් මාලිංග එම තරගාවලියේ තරග තුනම ක්‍රීඩා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

 “ඔහු විශ්‍රාම ගැනීමට කලින් අපට අවශ්‍ය මාලිංග මේ තරගාවලියම ක්‍රීඩා කිරීමට. ඒ නිසා මේ කාර්යය මමයි හසුරවන්නේ.

අපිට බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කර අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමට අවශයයි” ඔහු තවදුරටත් සඳහන් කරයි.

www.bdcrictime.com

 

 



Recommended Articles